lakbima.lk

රියැදුරු බලපත් ගැනීම සඳහා ගම්පහට එන පිරිසට දැඩි පීඩා

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රියැදුරු බලපත් ලබාගැනීම සහ දීර්ඝ කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ
සිදුකිරීමට ඇති ගම්පහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති වීමෙන් වෛද්‍ය පරීක්ෂණයන්ට පෙනී සිටීමට පැමිණෙන්නන්ට දැඩි අපහසුතාවකට පත්වීමට සිදුව ඇත.
වෛද්‍ය පරීක්ෂණයන් සඳහා පෙනී සිටීමට දිනකට 500කට වඩා පිරිසක් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන අතර ෙදෙනිකව 450 දෙනෙකු පරීක්ෂාවන්ට ලක්කිරීම පිණිස අංක ලබාදීම සිදුකෙරෙන බැවින් මෙලෙස අංක ලබාගැනීම සඳහා පෙරදින රාත්‍රියේ සිට ‍පෝලිමක රැඳී සිටීමට වෛද්‍ය පරීක්ෂාව සඳහා පැමිණෙන්නන් හට සිදුව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. සමහරු පෙරදින රාත්‍රී 12ට පැමිණ ‍පෝලිමට එකතු වී තිබේ.
වෛද්‍ය පරීක්ෂණ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි දුර බැහැර ප්‍රදේශවල සිට විශාල පිරිසක් ගම්පහ කච්ච්ෙරිය ඉදිරිපිට පිහිටි පෞද්ගලික නිවසක පවත්වාගෙන යනු ලබන මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණෙයි.
පරීක්ෂණ සඳහා නිකුත් කෙරෙන අංක 450 අතරට එක්වීමට නොහැකි වුවහොත් යළිත් පසුදින පැමිණීමට හෝ නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට යාමට ඔවුනට සිදුවන බවද මෙහිදී දැනගත හැකිවිය.
කාන්තා පිරිමි පාර්ශ්වයේ තරුණ වැඩිහිටි පිරිස් පෙරදින රාත්‍රියේ සහ අලුයම පැමිණ ‍පෝලිමක ගත කිරීමට සිදුව ඇති අතර පෞද්ගලික නිවසක පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයෙහි වැසිකිළි පහසුකම් පවා නිසියාකාරයෙන් නොවීමෙන් ඔවුනට පත්වීමට සිදුව ඇත අපහසුතාවය අමුතුවෙන් කිවයුතු නොවන්නකි.

සුසන්ත අබේරත්න - ගම්පහ

Comments  

0 #1 saram 2018-09-11 17:10
Absalutly truth ,
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.