lakbima.lk

පුත්තලම සභාපති රට යන්න යද්දී අත්අඩංගුවට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණ නියෝග නොතකා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටවීමට ඊයේ (10) අලුයම උත්සහ කළ අවස්ථාවේ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුව පත් වූයේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන අංජන සඳරුවන් මහතාය. මොහු ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තරග කර සභාපතිවරයා ලෙස තේරී පත් විය.
2010 වර්ෂයේ ජනවාරි 26 වෙනි දින පුත්තලම - මදුරන්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුත්තලම මහාධිකරණයේ නඩුවක් විභාග වේ.  එම නඩුවේ තීන්දුව ලබන 16 දා ලබා දීමට නියමිත අතර එතෙක් මොහුට රටින් පිටවීම තහනම් කර තිබුණි.
එහෙත් ඔහු එම නියෝගය නොතකා ඊයේ අලුයම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සංචාරයක් වෙනුවෙන් සිංගප්පූරුව බලා යාමට උත්සහ කර තිබේ.
අත්අඩංගුවට පත් සභාපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිය.

ශානිකා මාධවී පීරිස්
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.