lakbima.lk

සී.අයි.ඩී.යට කැඳවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රට ගිහින්

තරුණයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය සපයමින් පලා යාමට උදව් කිරිම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (09) රාත්‍රියේ විදේශ ගතව ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  තරුණයන් 11 කු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අයට රැකවරණය සපයමින් පලා යාමට උපකාර කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත්දා අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස එහිදී අධිකරණය විසින් නියෝග කර තිබුණි. එම ප්‍රකාශය ලබා දිමට ඔහුට ඊයේ (10) දින උදෑසන 10.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙස දන්වා තිබුණි.
එහෙත් ඔහු ඊට කලින් දින (09) රාත්‍රියේ මෙරටින් පිටව ගොස් ඇති බවද ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.