lakbima.lk

මුහුද දූෂණය කළාට තෙල් සමාගමට නඩු

මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට දැවි තෙල් ‍පොම්ප කිරීමේදී තෙල් නලයක් පුපුරා යාම නිසා සමුද්‍රයට එක් වූ තෙල්හේතුවෙන් සමුද්‍රයට හා පරිසර පද්ධතියට සිදුව ඇති හානියට එරෙහිව සමුද්‍ර පරිසර අධිකාරිය (ථඥනච) විසින් ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් එම ආයතනයේ මාධ්‍ය ‍ලේකම් සෞම්‍ය ඒකනායක මහතා පැවැසීය. තෙල් හේතුවෙන් සමුද්‍රයට හා පරිසරයට වූ හානියට එරෙහිව ‍පොලීසියට පැමිණිලි කළ බව ද ඒ මහතා කීවේය.
ඉකුත් (08) දා උදෑසන 6.00 ට පමණ වත්තල දික්ඕවිට වෙරළේ සිට මුහුදු සැතපුම් පහක් පමණ ඈත සමුද්‍රයේ තෙල් නලය පුපුරා යාම නිසා දැවි තෙල් ටොන් 25ක් පමණ මුහුදු ජලයට එක්වී තිබෙන බව ඒ මහතා පවසා සිටියහ.
මෙම දැවි තෙක් මුහුදේ සිට ගොඩබිම් වෙරළ තීරයට විශාල වශයෙන් පැමිණෙමින් තිබෙන අතර ඊයේ 10 දා වන විට වෙරළට පැමිණි දැවි තෙල් බවුසර් 7ක් පමණ ඉවත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දික්ඕවිට තෙල් විසුරුම් පාලන ඒකකයේ නිලධාරීන් ක්‍රියා කළහ.
මෙම සමුද්‍ර පරිසර හානිය හේතුවෙන් මුහුදු ජීවීන්ට විශාල බලපෑමක් සිදු වී තිබෙන අතර ජලයට මුසු වී තිබෙන දැවි තෙල් ඉවත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි මෙහෙයුමට එක්ව සිටින නිලධාරී මහතකු පවසා සිටියහ.

ප්‍රසංග පෙරේරා - ජාඇල
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.