lakbima.lk

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාට ඇප

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අද(10) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිරකණය වෙත ඉදිරිපත් කරන ලදුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

රජයේ මුදල් අවභාවිතා කොට ඩි.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 24 වෙනිදා නීතිපති වරයා විසින් මෙම නඩුව ගොනු කොට තිබිණ. එසේ අවභාවිතා කරන ලද මුදල රුපියල් මිලියන 33ක් බවද පැමිණිල්ලේ සඳහන්ය.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.