lakbima.lk

රුපිය‍ලේ වාර්ෂික අවප්‍රමාණය 5.5දක්වා ඉහළ ගිහින්

රුපියල අවප්‍රමාණය වීමේ අගය 2015 ට  පෙර වාර්ෂිකව 2ක් ලෙස පෙන්නුම් කළද වත්මන්  රජය සමඞිෙ පසුගිය වසර හතර තුළ රුපියල අවප්‍රමාණඩ වීමේ වාර්ෂික අගය 5'5 දක්වා ඉහළ ගොස් ඇති බව  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනය මහතා කොළඹදී ඊයේ (09) පැවැති  මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 'ලංකා ඉතිහාසයේ පළමු වතාවට වසර 4ක් තුළ රුපිය‍ලේ අගය දැවැන්ත ලෙස නාය යාමට ලක්වෙලා තිබෙනවා. 2005 දී ඩොලරයට  ගෙවූ මුදල රුපියල් 105/⋆ය. 2015 වන විට වසර දහයක් තුළ මහින්ද රාජපක්ෂ ජනපතිගේ රජය සමයේ ඩොලරයට ගෙවන මුදල වැඩි වී තිබෙන්නේ රුපියල්  26කින් පමණයි. නමුත් 2015  ඩොලරයට ගෙවූ රුපියල් 131 වෙනුවට 2018 අවසන් වනවිට  රුපියල් 164ක් ගෙවන්න සිදු වෙලා.  මේ අනුව පසුගිය වසර 4 ඇතුළත  ඩොලරයට වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් 33ක් බව පෙනෙනවා.

පසුගිය රජය සමයේ  සර්ව විචක්ෂණ මූල්‍ය කළමනාකරණය නිසා විශාල අභියෝග රැසක් මැද රුපිය‍ලේ අගය අව ප්‍රමාණය නොවී පවත්වා ගන්න පුළුවන් වුණා.  උතුරු නැගෙනහිර යුද්ධය, ලෝක තෙල් අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය  ආදී කරුණු නිසා විශාල වශයෙන් විදේශ විනිමය පිටරටවලට ඇදී ගියත් රුපිය‍ලේ අගය පවත්වා ගත්තා. වත්මන් රජය මේ අතින් අසාර්ථක බව පෙන්වා තිබෙනවා. දැනට ලෝක වෙළෙඳ ‍පොළේ රුපියල බාල්දු වී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී වත්මන් රජය යෝජනා කර ඇති සිංගප්පූරු ගිවිසුම හා තායිලන්ත ගිවිසුම ක්‍රියාත්මක කළහොත් රුපිඩටල් අගය මේ වසර අවසන් වීමට පෙරම 'රුපියල් 200/- දක්වා අවප්‍රමාණය විය  හැකිඩඵ' යනුවෙන්  ගුණවර්ධන මහතා කීවේය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.