lakbima.lk

පැරීසි‍යේ දී 7 දෙනෙකුට පිහි ඇණුම්

මීට සුළු වේලාවකට පෙරාතුව ප‍්‍රංශයේ පැරිස් නුවර 19 කොටසේ පිහිටා ඇති ඇල මාර්ගයක් අසලදී ඇෆ්ගන් ජාතිකයෙකු විසින් පුද්ගලයන් 7 දෙනෙකුට පිහි ප‍්‍රහාර එල්ල කර ඇත. දැනට එම පිහි ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ඉතාමත් බරපතළ තත්වයේ පසුවන බවට වාර්තා වේ. තුවාල ලත් පිරිස අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ද සිටිති.

අත් අඩංගුවට පත් ඇෆ්ගන් ජාතිකයා සතුව යකඩ පොල්ලක් ද තිබී හමු වූ බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර ඇත. මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක් ද යන්න තවමත් හෙළිදරව් වී නැත. මේ සම්බන්ධයෙන් ඉක්මණින් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.