lakbima.lk

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලට

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඊයේ (9) යළිත් බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

ඤාණසාර හිමියන්ට සිදුකළ සැත්කමින් පසුව ඉකුත් 6 වැනිදා සායනික ප්‍රතිකාර සඳහා උන්වහන්සේ බන්ධනාගාර රෝහලෙන් ජයවර්ධනපුර රෝහලට පැමිණි පසු ඤාණසාර හිමියන්ගේ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

වසර හයක සිර දඬුවම් ලබා සිටින උන්වහන්සේගේ මුත්‍රා ආසාදන තත්ත්වය සුවවීමත් සමග ඤාණසාර හිමියෝ යළි ඊයේ (9) බන්ධනාගාර රෝහලට මාරු කර ඇත. උන්වහන්සේගේ වකුගඩු ආශ්‍රිතව සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙන් මෙලෙස වරින් වර සායකික ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට සිදුවන බව වෛද්‍යවරු පවසති.

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.