lakbima.lk

විෂ කිරිපැකට් ගැන පරීක්ෂණයක් ඕනෑ

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට උද්ඝෝෂණය සඳහා පැමිණි පිරිසකට විෂ සහිත කිරිපැකට් බෙදා දීම සම්බන්ධයෙන් අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට මැදිහත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී. කොළඹදී (9) ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ ආචාර්ය බන්ධුල ගුණවර්ධන ෂෙහාන් සේමසිංහ හා නීතිඥ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරු මේ බව සඳහන් කළහ.

අපට ලැබි ඇති තොරතුරු හා වීඩියෝ දර්ශන අනුව කිරිපැකට් වල විෂ මිශ්‍ර කරලා අහිංසක ජනතාවට ලබාදීමේ ක්‍රියාවට සම්බන්ධ අය පිළිබඳව තොරතුරු හෙළි දරව් වෙනවා. මේක ඉතා පහත් නින්දිත කාර්යයක්. එදා දුටුගැමුණු රජ එළාර සමග සටන් කරද්දී එළාරට වහ දෙන්න කටයුතු කළේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්  නැමැති දරුණු ත්‍රස්තවාදියාට වසදීලා ඔහු පරාජය කළේ නැහැ. නමුත් කොළඹට ඇවිල්ලා රජයට එරෙහිව උද්ඝෝෂණය කරන්න හැදූ පිරිසකට වස සමග කිරි දෙන්න තරම් අද අපේ රට පහත් තැනට ඇද වැටිලා.

මේ තත්ත්වය ජාත්‍යන්තරවත් බරපතළ ප්‍රශ්නයක්. වත්මන් රජය මේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ අය රටට හෙළි කර නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී කරුණු පෙන්වාදී තිබෙනවා. ඇතැම් අය ඒකෙන් කුපිත වෙලා අපට විරුද්ධව නඩු දානවා කියලා. අපි කියන්නෙ නඩු දාන්න කියලයි. එහෙම වුණාම අපේ ළඟ තියෙන තොරතුරු හා දර්ශන අපිට පුළුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට අධිකරණයේ අපක්ෂපාති තීන්දුවකින් වැරදිකරුවන් හෙළි වේවි යැයිද මන්ත්‍රීවරු කීහ.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.