lakbima.lk

රුපියල බාල්දුවී විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

ඩොලරයේ අගය රුපියල් 162 සිට 163 දක්වා රුපියලකින් ඉහළ යාම නිසා ඉකුත් සතියේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් හතරකින් වැඩි වී තිබේ.
ඩොලරයේ අගය සත එකකින් ඉහළ ගියද ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ     මහාචාර්ය ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ උප සභාපති එම්.ඩී. කරුණාරත්න කියා සිටියේ 2015 සිට මේ දක්වා වසර තුන තුළ රුපිය‍ලේ අගය රුපියල් 33කින් බාල්දු වී ඇති බවයි. රුපියල මේ අයුරින් බාල්දු වෙද්දී රජයේ පාර්ශ්වයන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ රටේ විදේශ විනිමය අර්බුදය විසඳීමට රජයට විකල්පයක් හෝ හැකියාවක් නැතිකමදැයි සැක සිතෙන බවයි.
රජයේ හා මහ බැංකුවේ කටයුතු කෙරෙහි විදේශයන්හි ඇති විශ්වාසය පළුඳු වීම නිසා විදෙස් ආයෝජන අඩුවීමෙන් රුපියල මෙසේ බාල්දු වීමට ප්‍රධාන හේතුව වී ඇති බවද මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය.

 ජයසූරිය උඩුකුඹුර / මර්වින් දෙනගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.