lakbima.lk

විජයකලාට නඩු

එල්.ටී.ටී.ඊ.ය නැවත සක්‍රිය කළ යුතු බවට ප්‍රකාශ කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවැරීමට පියවර ගන්නා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය විසින් ‍පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
එවකට නියෝජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් පසුගිය ජුනි දෙවන දින යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති උත්සවයකදී කර ඇති එම ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස ‍පොලිස්පතිවරයා විසින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබුණි. එම නියෝගයට අනුව එකී උත්සව අවස්ථාවට සහභාගි වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදේශයේ දිසාපතිවරුන් සහ උත්සවය අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගත් සංවිධානාතාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ නීතිපතිවරයා මන්ත්‍රීවරියගේ එකී ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව නිගමනය කර ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ‍පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

නිශාන්ති රාමනායක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.