lakbima.lk

රෝහණ විජේවීරගේ මස්සිනා අද අවසන් ගමන් යයි


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී  විජේවීර මහත්මියගේ වැඩිමල් සොයුරු දොස්තර සුභාශ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර අවසන් කටයුතු අද (07) පස්වරු 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමයට නියමිතය. දේහය දැනට  බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් කර ඇත.
රෝහණ විජේවීර මහතා සමග රුසියාවේ ජනතා මිත්‍ර සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ දොස්තර සුභාශ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා තම බිරිද හඳුනාගත්තේ ද රෝහණ විජේවීර මහතා මගිනි. මීට දශක කීපයකට පෙර සිට ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය  වෛද්‍ය ප්‍රනාන්දු මහතා ප්‍රදේශයේ කීර්තිමත්ම වෛද්‍යවරයෙකි.
දැඩි වාමාංශික අදහස් සිතුතුළ දරා සිටි ඔහු දෙදරු පියෙකු  වන අතර ජීවිතයේ අවසන් භාගයේ කැළණිය වනවාසල තෙලගපාත වැඩිහිටි නිවාසයේ සිටි අතර සිය වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් දැඩි සිත් තැවුලකට පත්ව සිටියේය. පෙරේදා (05) උදෑසන කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති අතර එය දිවිනසාගැනීමක් බව මරණ පරීක්ෂණයේදී සනාථ වී ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73කි

දමයන්ති ගමගේ

Comments  

0 #1 sisra 2018-09-08 10:08
mema warta kariniya warta karanne keseda yanna kiyadenawa....balanna sanyamaya..
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.