lakbima.lk

මන්ත්‍රීවරුන්ටත් අරලියගහ මැදුරේ මඟුල් බෑ

කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව මින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවාහ මංගල්‍ය උත්සව සඳහාවත් නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉහත තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය සඳහා අරලිය ගහ මන්දිරයේ උත්සව ශාලාව ලබාදීම වෙනුවෙන් රුපියල් විසිඑක් ලක්ෂ අසූදහසක මුදලක් අයකරගෙන තිබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවත් මෙම ශාලාව නොදීමට තීරණය කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.