lakbima.lk

විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

උතුරු පළාත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වී. ඩෙනිස්වරම් මහතා විසින් තමාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පෙත්සමේ විභාග කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම අත්හිටුවන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (5) ප්‍රතිකේෂ්ප කළේය.බාල සුබ්‍රමනියම් ඩෙනිස්වරම් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් තමා විසින් 2017 වසරේ අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළවක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ලබන 20 වැනිදා සලකා බැලීම සඳහා කැඳවීමටද පෙරේදා (5) බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.
සිය අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු වී. ඩෙනිස්වරම් මහතාගේ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම හා කුමුදුනි වික්‍රමසිංහ හා ජනිත්ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2018 ජුනි 29 වැනිදා නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස සී.වී. විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අතිරේක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.