lakbima.lk

2019 අයවැය නොවැම්බර් 8

ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය වැය ‍ලේඛනය නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයන්ට ඊයේ (06) දැනුම් දී ඇත. ඒ අනුව අය වැය ‍ලේඛනය පිළිබඳ විවාදය නොවැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. සෙනසුරාදා දිනයන්හිද අය වැය විවාදය පැවැත්විමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත.
ආණ්ඩුවේ 2019 වර්ෂයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස මුල සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවද සභානායකවරයා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. අය වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 දා පැවැත්වෙනු ඇත. මෙවර අය වැය විවාදය සඳහා දින 24 ක් වෙන් කර ඇති බැවින් තවත් දින දෙකක් විවාදය සඳහා ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු මෙහිදී ඉල්ලා ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නොමැත.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.