lakbima.lk

‍පොදු දේ‍පොළ ගසා කෑවොත් මරණ දඬුවම

රාජ්‍ය දේ‍පොළ වංචා කරන අයට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ඉක්මනින් මෙම නීති සම්පාදනය කිරීමට හැකිවුවහොත් සිය ධුර කාලය අවසන්වීමට පෙර එක්කෙනෙකුට දෙන්නෙකුට මරණීය දණ්ඩනය දී යා හැකි බවද ජනාධිපතිවරයා කීවේය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දවෛනි සම්මාන ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එක ශාලාවේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මනුෂ්‍ය ඝාතන, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා, සමූහ ස්ත්‍රී දූෂණ සහ මත්කුඩු චෝදනාවලට වැරදිකරුවන් වීම මරණීය දණ්ඩනය හිමිවන වරදක් වුවද රාජ්‍ය දේ‍පොළ හොරකම් කිරීම ඊට අදාළ නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මින් ඉදිරියට රාජ්‍ය දේ‍පොළ සොරකමද ඊට එකතු කළ යුතු බව සිය අදහස යැයිද කීවේය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලින් තමන් එම ඉල්ලීම කරන බවද තමාගේ ධුර කාලය තුළ එය ක්‍රියාත්මක කරනවා නම් ජනාධිපති ධුරයෙන් නික්ම යාමට පෙර දෙතුන් දෙනෙකුට එම දඬුවම ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රටේ නීති තිබුණාට ඒවා ‍පොතට පමණක් සීමාවී ඇති බවත්, එයින් එකක්වත් ක්‍රියාත්මක නොවන බවත් ජනාධිපතිවරයා පැවැසීය. එම නිසා රාජ්‍ය දේ‍පොළ වංචා කරන අයට මරණ දඬුවම පැනවීමේ නීති සකස් කරන ලෙස අගමැතිවරයා වෙත දැනුම් දෙන බව කී ජනාධිපතිවරයා ඊට සහාය දෙන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවද පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.