lakbima.lk

රුසියානු තානාපති දයාන්මයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව දෙවන වර තීරණය කර තිබේ. ඉකුත් ජූලි 17 දින රැස් වූ උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ තානාපති තනතුරට පත් කිරීම ප්‍රතික්ෂේප කළ අතර බෙදුනු තීන්දුවක් එහිදී ගෙන තිබූ බව කමිටු සාමාජිකයකු පැවැසීය. කොටසක් ඔහු පත් කරනවාට එකඟවී ඇති අතර තවත් පිරිසක් විරුද්ධ වී ඇත.
රුසියාවේ තානාපති ධුරයට දයාන් ජයතිලක පත් කිරීම ගැන අදහස් දෙකක් ගත් පාර්ශ්ව දෙක යළි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කර ඇති අතර පසුව පසුගිය 09 දා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල කාරක සභාව දයාන් ජයතිලක රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කිරීමට එකඟවී ඇත.
උසස් බලතල පිළිබඳ කාරක සභාව කථානායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් රැස්වී ඇති අතර සෙසු සාමාජිකයන් වන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, එරාන් වික්‍රමරත්න, මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ සුමන්තිරන් යන අය සහභාගි වී තිබේ.

ලසන්ත වීරකුලසූරිය
 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.