lakbima.lk

කරුට විරුද්ධව ඒකාබද්ධයෙන් පැමිණිල්ලක්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බැවින් ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු කමිටුව පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
වත්මන් යහපාලන රජය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ද උල්ලංඝනය කරමින් අන්තවාදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.
මේ අත්තනෝමතික පාලනයට අනුබල දෙන මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු නාම ලබා දෙමින් නීති විරෝධී ලෙස යහමින් රජයේ මුදල් ලබාදෙන බවද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අයැදුම්පත ඊට හොඳම උදාහරණය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේය. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මුරණ්ඩු ආණ්ඩුව පලවා හැරීම සඳහා ගම් දනව් වල සිට පීඩාවට පත් ජනතාව දහස් ගණනින් කොළඹට පැමිණ සැප්තැම්බර් පස්වනදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවද ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.