lakbima.lk

භික්ෂු කතිකාවත නවතින හැඩ

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරිම සඳහා ඉදිරිපත් නොකරන අතර එය සම්මත නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මල්වතු  අස්ගිරි ඇතුළු පාර්ශව  විසින්  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන හා  අගමැති රනිල්  වික්‍රමසිංහ  යන මහත්වරුන් වෙත කර ඇති දැනුම් දීමකට අනුව භික්ෂු  කතිකාවත්  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය මෙම ස්ථාවරයට පැමිණ තිබේ.
භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ  මහතා  විසින්  ඉදිරිපත් කරන ලද්දකි.
එහෙත් භික්ෂු කතිකාවත් පනත් ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ සභාව ඉදිරිපත් කළ යෝජනා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා වෙත භාර දී ඇත. ඒ අනුව මල්වතු හා අස්ගිරි කාරක සංඝ සභාව ඉදිරිපත් කළ කරුණු දැක්වීම පිළිගත් රජය භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත අත්හරිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.