lakbima.lk

මූලික හේතුව මංගලගේ මුරණුඩුකම

දුම්රිය වර්ජනය නිසියාකාරව කළමනාකරණය කිරීමට මේ ආණ්ඩුව අ‍පොහොසත් වී ඇති බවත් වැටුප් විෂමතා ඉවත් කරන්නැයි දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
දුම්රිය වෘත්තීය සමිති කාලයක් තිස්සේ ඉල්ලා සිටියේ වැටුප් වැඩිකරන ලෙස නොව වැටුප් විෂමතා ඉවත් කරන ලෙස යැයි හෙතෙම කියා සිටියේය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ දැඩි මුරණ්ඩුකම හේතුවෙන් පෙරේදා (8) මගින් අපහසුතාවයට පත්වීම හරහා මේ ආණ්ඩුවට නිසිපරිදි දුම්රිය ධාවනය කරවීමවත් කිරීමට නොහැකි වී ඇතැයි හෙතෙම චෝදනා කළේය.
මගීන් අපහසුතාවට පත් නොකිරීමට වෘත්තීය සමිති නායකයන් වගබලා ගත යුතු අතර මේ ආණ්ඩුව හිතාමතා මෙම දුම්රිය වැඩවර්ජනයට අවස්ථාව සලසා දී ඇති බවට සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා මෙහිදී කීය. හෙතෙම පැවැසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකාරිත්වය සලසා බැලූ විට මෙවරද දුම්රිය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කිරීමට මෙලෙස වැඩවර්ජන සඳහා ඉඩකඩ සලසා දී ඇතැයිද සැකයක් මතුවන බවයි.
මීට පෙර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේදී දුම්රිය දෙපාර්තමේන්තුව අහෝසි කර දුම්රිය අධිකාරියක් ඇති කිරීමට පනතක් ගෙනැවිත් දුම්රිය පෞද්ගලිකරණය කිරීමේ පළමු පියවර තැබූ බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. මෙවරද මේ දුම්රිය සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදී ආණ්ඩුව දැඩි තීරණ ගත්තේ මගීන් හා දුම්රිය සේවකයන් අතර ගැටුම් නිර්මාණය කොට දුම්රිය කෙරෙහි ජනතා විරෝධයක් ඇති කිරීමටයි. එහෙත් මෙම ඉල්ලීම් සාධාරණයැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තනූජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.