lakbima.lk

මගීන්ගේ විරෝධය වළක්වන්න බෑ

වැටුප් විෂමතා මුල්කරගෙන දුම්රිය සේවකයින් ගෙන යන වැඩවර්ජනයට දුම්රිය මගීන්ගේ විරෝධය එල්ලවීම වැළැක්විය නොහැකි බවත් දුම්රිය මගීින් දුම්රිය සේවකයින්ට පහරදීම හෝ ඒ සඳහා තැත් කිරීම කිසිවෙකු විසින් හිතමතා සංවිධානය නොකළ බවත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම පමණක් එකවර සැලකිල්ලට ගත නොහැකිව තිබෙන්නේ මෙරට තවත් සේවා ආයතන 25ක වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු තිබෙන නිසා ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කරමින් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන නිසා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන 25ක පවතින මෙම වැටුප් විෂමතා පිළිබඳ ගැටලු ඉවත් කිරීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් පත්කිරීම එළැඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුකිරීමට නියමිතව තිබේ. එම වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2019 අයවැයෙන් වෙන් කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා කීවේය.

රුක්මල් සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.