lakbima.lk

දුම්රිය රියැදුරෙකුගේ මසක වැටුප ලක්ෂ 2ක්

දුම්රිය රියැදුරෙක් මසකට රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි වැටුපක් හා පැය 500 ට වඩා අතිකාල දීමනා ලබා ගන්නා බව රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබද ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අ‍පොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ළමුන්ට බලපෑම් කරමින් වැඩවර්ජනය කිරීම අනුමත කළ නොහැකි බවද පැවැසු ඇමැතිවරයා ජනතාව මේ වන විට ඊට පිළිතුරු දී තිබෙන බවද කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. රජයේ දෙපාර්තමේන්තුවක් වන දුම්රිය දැන් ඇන හිට ඇති බවත් අමුණුගම මහතා ඉදිරිපත් කළ වැටුප් විෂමතාවය දුරු කිරීමේ යෝජනාවට මුදල් ඇමැතිවරයා විරුද්ධ වී එය ප්‍රතික්ෂේප කළ බැවින් මේ වර්ජනය කරනා බවද මන්ත්‍රීවරයා පැවැසීය.
ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.
දුම්රිය රියැදුරන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරලා නැහැ. දුම්රිය රියැදුරන් හා සමාන්තර ශ්‍රේණිවල විශාල ප්‍රමාණයක් රජයේ සේවකයින් ඉන්නවා. මෙයාලා හදන්නේ එක ප්‍රශ්නයක් පෙන්වලා රජය අර්බුදයට පත් කරන්නයි. දුම්රිය හා සමාන්තර සියලූ සේවකයින් වෙනුවෙන් සාකච්ඡා කරන්න නියමිතව තිබෙනවා. මේ අය බොරු බියක් ඇති කර ගෙන තිබෙන්නේ. දුම්රිය රියැදුරෙක් මාසෙකට ලක්ෂ දෙකක විතර පඩි ගන්නවා. ඕ.ටී. පැය 500 ක් කරනවා. කොච්චර කැතද බලන්න ළමයි උසස් පෙළ කරන වෙලාවේ වර්ජනය කරන එක. වර්ජනයට ජනතාව උත්තර දුන්නා. රියැදුරෙක් හිරකර ගෙන හිටියා. අපි ගිහිල්ලයි බේර ගත්තේ.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.