lakbima.lk

සා.පෙළ අසමත් සිසුන්ට පාසලෙන්ම වසර දෙකක වෘත්තීය පුහුණු නිපුණතා

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අසමත්ව පාසල් පද්ධතියෙන් වාර්ෂිකව ඉවත් වන සිසුන් 80,000 ක පමණ පිරිසක් ඉලක්ක කරගනිමින් වසර දෙකක වෘත්තීය නිපුණත්වයක් පාසල තුළදීම ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන් යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය දිවයින පුරා පළාත් හා ජාතික පාසල් 860 ක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සිසුන් වෙත අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර විභාගය නොසලකා තවත් වසර දෙකක් තුළ වෘත්තීය විෂයන් 26 ක් අතරින් එක් විෂයයක් සඳහා පාසල් පද්ධතිය තුළදීම මෙම නිපුණත්වය ලබාදීමට නියමිතය. මෙම ශිෂ්‍ය ප්‍රජාව දේශීය හා විදේශීය ශ්‍රම වෙළෙඳ ‍පොළේ රැකියා අවස්ථා ලබා ගත හැකි වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් පිරිසක් බවට පත්කිරීම මෙමගින් අරමුණු කෙරේ.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.