lakbima.lk

තෙල් මිල යළිත් නගින ලකුණු



ඇමෙරිකාව ඉරානය වෙත පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කීපය තුළ ඉන්ධන මිලෙහි ඉහළ යාමක් සිදුවිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
ඉරාන සම්බාධක නිසා තෙල් මිල වැඩි වුණොත් ඊට මුහුණ දිය යුතුයි. ඒ සඳහා සූදානම් විය යුතුයි. ඇමෙරිකා-චීන බදු අර්බුදයත් අපට බලපාන්න පුළුවන්. තෙල් ගැන ඇමෙරිකාව සම්බාධක පනවන්න හදනවා. හෙට අනිද්දා තත්ත්වය කුමක් වේවිද කියන්න බැහැ. අපි බොර තෙල් ගන්නේ ඉරානයෙන්. අපිටත් යම් සීමාවක් තියෙනවා යැයිද අගමැතිවරයා කීවේය.

ලසන්ත වීරකුලසූරිය/ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.