lakbima.lk

සම්බා හාල් බිත්තර කුකුළු මස්වලට පාලන මිලක්

සම්බා සහල්, බිත්තර සහ කුකුළු මස් සඳහා ඉදිරියේදී පාලන මිලක් හඳුන්වා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
වෙළෙ½ද‍පොළේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී මෙලෙස සම්බා සහල්වලට පාලන මිලක් නියම කිරීමට එම කමිටුව තීරණය කර ඇත.
මලික් සමරවික්‍රම හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජීවන කමිටුව පෙරේදා (7) රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවම කුකුළු මස් හා බිත්තර මිලද දිනෙන්දින ඉහළ යාම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුකර තිබේ. ඒ අනුව ඉදිරි සති 2 ඇතුළත කුකුළු මස් හා බිත්තර මිල අඩු නොවුණහොත් ඒවා සඳහාද පාලන මිලක් නියම කිරීමට එම කමිටුව මෙහිදී තීරණය කර තිබේ.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.