lakbima.lk

සුළඟත් වැඩිවන ලකුණු

දිවයින හරහා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරුමැද, වයඹ පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර 60 දක්වා පමණ ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය.
මේ අතර අද (13) සිට 16 දා දක්වා කාලය තුළ පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා ‍පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් පමණ ඉහළ යාමටද හැකියාව ඇත. සුළඟේ වේගයත් සමග මෙලෙස රළ ඉහළ ගියත්, ගොඩබිමට පැමිණෙන රළ එවැනි උසකින් යුක්ත නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව වෙරළබඩ ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, ධීවර හා නාවික කටයුතුවලදී සැලකිළිමත් වන ලෙසත්, එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.