lakbima.lk

පාන් බනිස් මිල ඉහළට

සියලු බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල වරින්වර ඉහළ පහළ යාම ආදි විවිධ හේතු මත සියලු බේකරි නිෂ්පාදනවල නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවත්, එම නිසා මේ ආකාරයෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කළ බවත්, එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ලක්බිමට පැවැසීය.
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදනවල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේද යන්න මතෛක් තීරණය කර නැති අතර ලබන සෙනසුරාදා (14) වන විට ඒ පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන බවද ජයවර්ධන මහතා කීය.
බොහෝ දුරට රුපියල් 5ත් 10ත් අතර මිලකින් එම නිෂ්පාදනවල මිල ඉහළ යාමට ඉඩ ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.