lakbima.lk

බස් ගාස්තු සංශෝධනයකුත් ඕනෑ




ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මාසයකට සැරයක් රටේ ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඊට සමගාමීව සෑම මාසයකට වතාවක් බස් ගාස්තුවද සංශෝධනය කිරීමට රජය ඉඩ දිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (11) පැවැසීය.

මේ සඳහා මුදල් අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පැවැසීය.
ඉන්ධන මිල සූත්‍රයටම බස් ගාස්තුව සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තියද ඇතුළත් කොට අදාළ කාරණා දෙකම එකට ගණනය කර රටට ඉදිරිපත් කළ යුතු බව ඒ මහතා පැවැසීය.
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසුවේ වැඩිවූ රුපියල් 9 ක ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වන බවයි. මේ පිළිබඳව සියලු බස් හිමියන් සමග සාකච්ඡා කරන බව ඔහු කීය.
වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව පාසල් වෑන් රථ ගාස්තුවද ඉහළ දැමීම සඳහා සාකච්ඡා කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල් ශ්‍රී ද සිල්වා මහතා පැවැසීය.
යම් ලෙසකින් පැට්‍රල් ලීටරයක මිල රජය තවත් රුපියල් 9 කින් ඉහළ දැමුවහොත් ත්‍රිරෝද රථ ගාස්තුවල දෙවන කිලෝ මීටරය රුපියල් 45 ක් දක්වා වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවැසීය.
තවද එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ සිය ගාස්තු වැඩි කළහොත් වෙළෙඳ සල්වල එළවළු මිල ගණන් සහ ආහාරපාන ද්‍රව්‍යවලද මිල වැඩි කිරීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්් පැවැසීය.

පානුක රාජපක්ෂ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.