lakbima.lk

මඩකලපුවෙන් කෝටි 11ක කුඩු අල්ලයි

arrested1රුපියල් කෝටි 11 ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (11) දහවල් මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එකවර අත්අඩංගුවට ගැනුණු වැඩිම හෙරොයින් තොගය මෙය වේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකලපුව මාවඩිච්ච්ෙන, සේරුවාවිල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා ‍පොලීසිය සියලුම අංශවල ‍පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීම් කරන ලෙසය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සේරුවාවිල ප්‍රදේශයේ වී මෝලක තිබූ වී ගෝනියක් සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැටලීම් කර මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

එම ගෝනිය තුළ හෙරොයින් කිලෝ 9 යි ග්‍රෑම් 900 ක් සහිත පාර්සල් 22 ක් තිබූ බව ‍පොලීසිය කියයි. මෙහි වටිනාකම රුපියල් මිලියන 118 ක් පමණ වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.