lakbima.lk

විජයකලා ගැන කථානායක මතය ලබන සතියේ

හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ මතය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

පසුගියදා යාපනයේදී පැවැති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි ත්‍රස්තවාදය යළි හිස එසවිය යුතු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ විය. මේ සම්බන්ධව කථානායක කරු ජයසූරිය මහතා නීතිපතිගේ උපදෙස් විමසා ඇති අතර ඔහුගේ මතය ඉදිරි දින කිහිපයේදී ලැබිමට නියමිතය.

කෙසේ නමුත් හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධව නීතිපතිගේ උපදෙස් ලැබුණු පසු ඒ මතය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවැසීය.

එමෙන්ම පක්ෂ නායක රැස්වීමක් කැඳවා, පක්ෂ නායකයන්ගේද අදහස් විමසා විජයකලා මහේෂ්වරන් මහත්මිය පිළිබඳ තීරණය දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.