lakbima.lk

‍පොහොට්ටුව වෙනස් වෙයි

ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ දේශපාලන පක්ෂ හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළි ගන්නා ඕනෑම අයෙකුට ඒකරාශි විය හැකි පරිදී ඒකාබද්ධ ‍පොදුජන පෙරමුණ නමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට 10 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ නිල ලාංඡනය වූ ‍පොහොට්ටුව නව සන්ධානයේ්ද නිල ලාංඡනය ලෙස පාවිච්චි කිරීමට තීරණය කර ඇත. නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට පවරා ඇති අතර ඉදිරි සතියේ සිට ඒකාබද්ධ විපක්ෂයට හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ හා දේශපාලන කණ්ඩායම් සමග නව සන්ධානය පිහිටුවීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කොට වැඩපිළිවෙළ සකස් කරන බව අද (11) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.