lakbima.lk

‍ලේ බැංකු වැඩ බලන අධ්‍යක්ෂ තනතුරෙන් ඉවතට

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කර ඇති අතර එහි නව වැඩ බලන අධ්‍යක්ෂවරිය ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපා සමරජීව මහත්මිය පත්කර තිබේ.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඉකුත් 9 වැනිදා සිට මේ දක්වා සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගය නව අධ්‍යක්ෂවරිය පත්වීමත් සමග අද (11) දහවල් අවසන් කර ඇත.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (10) තීරණය කර ඇති අතර නව අධ්‍යක්ෂවරිය අද (11) වැඩ බාර ගැනීමත් සමග වෛද්‍ය වර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පැවැසීය.

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.