lakbima.lk

මරණ දඬුවමට මම විරුද්ධයි

මත් කුඩු ඡාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද ප්‍රතිපත්තියක් වශයෙන් තමන් එයට විරුද්ධ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) ප‍්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙබදු අර්බුද වලට නිසි විසඳුම් නොවන බව පර්යේෂණ මගින් ද තහවුරු වී ඇති ඇති බවත් පැවසීය.  

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ඊයේ කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කළා මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයට මරණිය දණ්ඬනය දෙන්න.

නමුත් මම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන කරුණු අනුව මරණ දඬුවම දුන්නා කියලා අපරාධ අඩුවෙලා නැති බව සනාථ වෙලා තියෙනවා.

නමුත් ලෝකයේ බොහෝ රටවල මත්කුඩු ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ලබා දෙනවා. ලංකාවට මත්කුඩු ගේන මහාපරිමාණ ජාවාරම්කරුවන් 19ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් එල්ලා මැරිය යුතුයි කියලා තමයි කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළේ.

ඒ.ජී.රේණුකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.