lakbima.lk

නිධානයක් ගොඩ දැමීමට ගිය 6ක් පොලිස් දැලේ

පුද්ගලික ඉඩමක නිධානයක් ගොඩ දැමීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (11) අළුයම හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වැටලීම සිදු කරන විට සැකකරුවන් නිධානය ගොඩ දැමීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිට තිබේ. සැකකරුවන් අතර මුන්දලම - විල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ හලාවත - මැරවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 05 දෙනෙක් සිටිති.මැරවල පදිංචිකරුවන් අතර මන්ත්‍රාචාර්යවරයෙකුද සිටින බව පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබී ස්කෑනර් යන්ත්‍රයක් ,සිතියමක්, ජල පොම්ම 02 ක්, මල් බුලත් තට්ටු කීපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හලාවත වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක කීර්ති ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පතිරණ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.