lakbima.lk

බසයක් හා කන්ටේනරයක් ගැටී 2ක් මරුට

යාපනය මහනුවර ඒ 9 මාර්ගයේ පුලියන්කුලමේදී බස් රථයක් හා කන්ටේනර් රථයක් අනතුරට පත්වීමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

වව්නියාව සිට යාපනය දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් සහ යාපනය දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම වාහන දෙකෙහිම අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

කන්ටේනර් රථයේ රියදුරු සහ බසයේ ගමන්ගත් මගී කාන්තාවක් මිය ගොස් ඇති අතර බස් රථයේ රියදුරුගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම කන්ටේනර් රථය ඉදිරිපස කොටසට බරපතල හානි සිදුව ඇති අතර බස් රථය මුළුමනින් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.