lakbima.lk

සබරගමුව වෛද්‍ය පීඨය ජාත්‍යන්තර මට්ටමට ඉදිකරන්න සෞදියෙන් කෝටි 873ක ණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අංග සම්පුර්ණව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව  ඉදිකිරීම සඳහා සෞදි අරාබියානු රජය සහනදායි ණයක් ලබා දීමට තිරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

රසායනාගාර පහසුකම් ඇතුළුව සියලු යටිතල පහසුකම්ද සහිතව වෛද්‍ය පීඨය ඉදිකිරිම සඳහා සෞදි අරාබියානු රියාල් මිලියන 187.5 (රුපියල් මිලියන 8731.4) ක මුදලක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ. ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචර්ය ආර්.එච්. එස්.සමරතුංග මහතා ඇතුළු දූත පිරිසක් සෞදි අරාබියාවේ සංචාරයක ප්‍රතිඵලයක් වශයෙනි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.