lakbima.lk

වැන් රථයක් තුල අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් හමුවෙයි

වැන් රථයක් තුල අභිරහස් ලෙස  මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.එම්.ආර් අසංක බණ්ඩාර සමරතුංග නැමති 36 හැවිරිදි අවිවාහක අයෙකි.

රියදුරුවරයෙකු වශයෙන් සේවය කල මරණකරගේ මිත්‍රයෙකු  ඊයේ (10)  පස්වරු 6 ට පමණ  මරණකරුගේ  නිවස වෙත වැන් රථය පැදවාගෙන විත් තම මිත්‍රයා වෙරි වි  වැන් රථයේ පසු පස අසුනේ නිදා සිටි බවත්, වෙරි හිදිමෙන් පසු ඔහුට නැගිට නිවසට පැමිණෙන බව මරණකරුගේ පියා වෙත දන්වා වැන් රථයේ යතුර මරණකරුගේ පියා වෙත භාර දි මිත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇත.

වැන් රථයේ නිදා සිටි තම පුතා පැය කිහිපයක් ගතවුවත් නිවසට නොපැමිණි නිසා එ පිලිබදව සැක සිතු මරණකරුගේ පියා එ පිලිබදව 1990 ගිලන් රථයට දැනුම් දිමෙන් පසු ගිලන් රථයේ කාර්යය මණ්ඩලය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමෙන් අනතුරව අසංක බණ්ඩාර නැමති අය මිය ගොස් ඇති බව පියා වෙත දැනුම් දි ඇත.

මරණකරු මත්ද්‍රව්‍යයවලට දැඩි ලෙස අබ්බැහි වුවෙකු බවයි නාවලපිටිය පොලිසිය  පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.