lakbima.lk

වතුකරයේ පාසල් දැඩි පරික්ෂාවකට

හැටන් පොලිසිය විසින්  වතුකරයේ ප්‍රධාන පාසල් දැඩි පරික්ෂාවකට ලක් කෙරේ.

පාස්කු ඉරුදින (21) එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු දෙවන පාසල් වාරය ආරම්භ කිරිම සදහා වතුකරයේ ප්‍රධාන පාසල් හැටන්  පොලිසියේ නිලධරින් විසින් අද (05) දැඩි පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලිමක් පරිදි ආරක්ෂක අංශ එම පාසල් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ සහ ආදි සිසුන්ගේද සහයෝගය මත මෙම පරික්ෂාව සිදු කරනු ලැබුහ.

සැම ප්‍රධාන පාසලකටම ආරක්ෂාව උදෙසා එක් පොලිස් නිලධාරියෙකු පාසල් කාලය තුළ රාජකාරියේ යෙදවිමටයි පොලිස් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත්තේ.

හැටන් රංජිත් රාජපක්ෂ         

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.