lakbima.lk

යතුරු පැදි අනතුරෙන් තිදරු පියා මරුට

දඹුල්ල නගරයේ නිස්සංක හන්දිය අසලදී ඊයේ (08) රාත්‍රී 9.00 ට පමණ යතුරුපැදියක් ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දඹුල්ල, නිශ්ශංක හන්දිය අසල පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකුවන ලලිත් කුමාර යන අයයි.

යතුරුපදිකරුගේ නිවෙසට මීටර් 200 ක් පමණ ආසන්නයේදී අනතුර සිදුව ඇති අතර අනතුර සිදුකල ලොරි රථය පලාගොස් තිබේ.

අසල්වාසීන් බරපතල තුවාල ලබා සිටි තුවාලකරු රෝහල ගත කිරීමට පියවර ගෙන ඇත.

අනතුර පිලිබදව දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.