lakbima.lk

පාසල් ළමුන් 100ක් සමග බමන මතින් බස්රියක් පැදවූ රියදුරා අත් අඩංගුවට

අධික ලෙස බිමත්ව පාසල් බස්රථයක සිසුන් රැගෙන යමින් සිටි රියදුරෙකු ආණමඩුව පොලිසිය මගින් ( 11 ) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ආණමඩුව සිට කුඹුක්කඩවල දක්වා ගමන් කරමින් තිබු සිසු සැරිය බස් රථය ආණමඩුව නගරයේදී ආණමඩුව පොලිස්ථානයේ රථවාහන අංශ නිලධාරින්  හදිසියේම නවතා පරික්ෂාවකට ලක්කර ඇත.

පොලිස් රථවාහන නිලධාරින් බස් රථය නවතා සැකකාර තරුණ රියදුරාට බසයෙන් බැස එන ලෙසට දන්වා ඇති බවත් එහිදි රියදුරුට ගමන් කිරීමට පවා නොහැකි අයුරින් මත්පැන් පානය කර තිබු බව පොලිසිය පවසයි.

 

 පොලිසිය බස් රථය නවතන අවස්ථාවේදි පාසල්  සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයක් සිටි බවත් පොලිසිය පරික්ෂාවකට ලක් නොවුනා නම් මහා විනාශයක් සිදුවිමට ඉඩ තිබු බව නගරවාසිහු පවසති.

බස් රථය සහ  රියදුරා අත් අඩංගුවට ගැනිමෙන් පසුව එම සිසු සැරියේ ගමන් කිරිමට සිටි පාසල් සිසුන් වෙනත් බස් රථවලින් නිවෙස් වෙත යැවීමට කටයුතු කර ඇත.

ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරයි.

කීර්ති ශ්‍රී බඹරබැද්ද

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.