lakbima.lk

ප‍්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී දැඩි නීති රීති

ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීමි සිදු කොට නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කොල්ලූපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයාබැලීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය සමග ප‍්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක් විය.

ප‍්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවි කිරීමේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

මෙම ප‍්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබඳව සියලූ ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැනුවත් කිරීමත්, රන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සුපරික්ෂාකාරී වීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව ඉදිරියේ දී අදාළ නීති රීති විධිමත් අයුරින් කි‍්‍රයාවට නැංවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

මැණික් ඉඩම් සඳහා බලපත‍්‍ර ලබාදීමේ දී මතුව ඇති ගැටලූ, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රන් නිෂ්කාෂණ කටයුතු වැනි කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඞ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සුමනසේකර යන මහත්වරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.