lakbima.lk

පොලිස් වෙඩිපහරින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු මරුට


පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රි 8.00 ට පමණ, මාරවිල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අවස්ථාවේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර සැකකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.