lakbima.lk

පිටුවහල් කළ මධූෂ්ගේ ඥාති සොහොයුරෙකු ඇතුළු පිරිසක් CID අත්අඩංගුවට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් පවත්වන ලද සාදයක සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් තවත් සය දෙනකු  අද (17) අලුයම 4.45 ට පමණ දිවයිනට පැමිණ තිබේ.

ඩුබායි  හි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙම පිරිස යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

 එම සය දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ඇති  අතර ඔවුන් අතර මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වනවිට ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිසෙන් පුද්ගලයින් 21 දෙනෙකු පිටුවහල් කර තිබේ. ඒ අතර ගායන ශිල්පී නදිමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝවන්, පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා අමිල සම්පත් හෙවත් රොටුඹ අමිලද වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.