lakbima.lk

පාසල් සිසුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ දේශණ මාලාවක්

පාසල් සිසුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ දේශණ මාලාවක් පැවැත්විමට තීරණය කල  බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම් රත්නායක මහතා පැවසිය.

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීමට  පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට ජේෂ්ඨ සිසුන්ට විශාල කාර්යභාරයක් පැවරී තින බැවින් ඔවුන් දැනුම්වත් කිරීම සිදු කරන බව පැවසීය.

මෙම දේශන මගින් ඔවුන් එම වගකීම පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම සැකකටයුතු පුද්ගලයකු , සිදුවීමක් හෝ කිසියම් පාර්සලයක් දුටුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් බවක් ලබාදීම අරමුණ වී තිබේ.

අන්තවාදී අදහස් දරන පුද්ගලයන් ඇසුරෙන් වැළකීම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් කමද මෙම දේශන හරහා සිදුකරන බව වැඩිදුරටත් අතිරේක ලේකම්වරයා පැවසීය.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.