lakbima.lk

පාසල් යළි විවෘත කි⁣රීමේ කාල වකවානු සංශෝධනය කෙරේ - පාසල් වාහනවලට නිශ්චිත නැවතුම්පොළවල් නියම කෙරේ

රජයේ පාසල් යළි විවෘත කිරීමේ තීරණය සම්බන්ධයෙන් වෙනසක් අද දින සිදුවිය. අද වනතෙක් තීරණය කර තිබුණේ ලබන සඳුදා (06) දින විවෘත කිරිමටය.

එම තීරණය වෙනස් කරමින් රජයේ පාසල්වලින් 1 ශ්‍රේණියේ සි⁣ට 5 ශ්‍රේණිය  දක්වා පමණක් ලබන 12දා දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රජයේ පාසල්වල ප්‍රාථමික අංශයන් විවෘත වන්නේ ලබන 13 දා ය.

පෙර තීරණයේ වෙනසක් නොමැතිව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති  ලබන සඳුදා (06) අධ්‍යාපන කරයුතු ආරම්භ කෙරේ.

මේ අතර, පවතින ආරක්ෂක විධි විධාන අනුව පාසල් ප්‍රවාහන සේවාවෙහි නිරත වාහන සඳහා නියමිත නැවතුම් පොළවල් හඳුන්වා ති⁣බේ. ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

 

චම්ලි ඒකනායක 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.