lakbima.lk

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව සංශෝධන සඳහා අනුමැතිය

පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පටිපාටියේ සංශෝධන ගණනාවක් මෙවර සිදුකර බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

එම අධීක්ෂණ කාරක සභාව විසින් පළමු ශ්‍රේනියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනයේ සංශෝධන 21ක් ඇතුළත්ව යෝජනාවලිය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බවත් ජූනි මාසයේ 30 වෙනිදා සිට බලපැවැත්වෙන පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනයට අදාළ යෝජනා 21න් 18 කට අධ්‍යපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.

එහිදි ගෘහ මූලික ලැයිස්තු, නිවාස වල හිමිකාරත්වය සම්බන්ධයෙන් තිබූ ගැටලු, ඉඩම් හිමිකම් ගැටලු, සහෝදර පදනම සහ ආදී ශිෂ්‍ය පදනම යටතේ දරුවන් ඇතුළත් කිරීමේදි ඇතිවන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ඊට සංශෝධන එක්කිරීමට හැකිවිය.

ඒ අනුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී තිබූ දුර්වලතා රැසක් නිරාකරණය කර ගැනීමට හැකිවු බවත්, සංශෝධන සහිත නව චක්‍රලේඛනය අනුව ලබන වසර සඳහා සිසුන් පළමු ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.