lakbima.lk

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විදේශයක සිට ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි 1200 ක් සමග පුද්ගලයෙක් ගිනිගත්හේන පොලීසිය මගින් කළුගල පොලිස් මාර්ග බාධකයේදී අද (18) අත්අඩංගුවට ගෙන ඇත.

දුම්වැටි තොගය වෙළඳසල් වලට විකිණීමට ගෙන යමින් සිටයදී අත්අඩංගුවට ගත් බවත්, නාවලපිටිය ප්‍රදේශයේ පදංචි සැකකරු මෙම මස (22) වන දින  හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් ගිනිගත්හේන පොලීසිය පවසයි.

ගිනිගත්හේන පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත කරුණාදාස මහතාගේ උපදෙස් මත උ.පො.ප. ඩිංගිරිබණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන ගුණරත්න (48902) හා චන්දන (3022) යන නිලධාරිහූ මෙම වැටලීම සිදු කළහ.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.