lakbima.lk

තැපැල්කරුවෙකු රක්ෂිත බන්ධනාගාරයට


පුඩළුඔය තැපැල් කාර්යාලයට දිනපතා ලැබෙන ලිපි එම තැපැල් කාර්යාලයේ සේවය කරන තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර එම ලිපි ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ පුඩළුඔය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්   අමිල මදුසංක සරත්චන්ද්‍ර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස 8 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පුඩළුඔය ඇරෝ වත්තේ පහළ කොටසේ පදිංචි එස් කුමරේෂන් නැමති 30 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම සැකකරු පුඩළුඔය තැපැල් කාර්යාලයේ ස්ථිර සේවකයෙකු බවත්, සැකකරු පුඩළුඔය තැපැල් කර්යාල වසමේ ලිපි බෙදා හරින්නෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති බව පුඩළුඔය පොලිසියේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක එ.එස්.ඩබිලිව් රන්ජන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

සැකකරුට ඉකුත් 03 වෙනිදා තැපැල් කාර්යාලය මගින් ප්‍රදේශයේ බෙදා හැරිමට ලබාදුන් ලිපි තොගයක් තැපැල් කාර්යාල භුමිය තුල ගිනි තබා විනාශ කරන බවට ලද තොරතුරක් මත පුඩළුඔය පොලිසියේ නිලධාරින් වහා ක්‍රියාත්මක වි තැපැල් කාර්යාලය වෙත ගොස් පරික්ෂා කර බලා තැපැල්කරුව සැකපිට  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි සැකකරුට  බෙදා හැරිමට තැපැල් කාර්යාලය මගින් භාර දුන් ලිපි 300 පමණ නිවසේ තිබි පොලිස් භාරයට ගෙන ඇත.
 

හැටන් රංජිත් රාජපක්ෂ     

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.