lakbima.lk

ත්‍රිවිධ හමුදාවේ සලාක හා දීමනා වැඩි කෙරේ

 

ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිවනු ඇත.

ඊට අමතරව 2019 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කිරීමටද නියමිතය. තවද, ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩිකරනු ලබන බව මුදල් අමාත්‍යාශය පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කර තිබේ.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන දීමනා වැඩිකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය මගින් යෝජනා කළේය.

මෙම දීමනා බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.