lakbima.lk

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කතෝලික දේවස්ථාන පිළිසකර කිරීම ඇරඹේ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පිළිසකර කිරීම්  ආරම්භ කරන බව නිවාස ඉදිකිරීම් සහ සාස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව පිරිසකර කිරීම් සිදුකරයි.

ප්‍රහාරයෙන් හානි වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදිකිරීම් මේ වනවිටත් ආරම්භ වී තිබේ.

එම ඉදිකිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ නාවික හමුදාව මගින් සිදුකරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ  ද පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, පිළිසකර කිරීම යුධ හමුදාව සහ රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව එක්ව එම ඉදිකිරීම් සිදුකරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.